"මම අළුත් ආදායම් මගක් උදාකරගනිමී"
මේ ස්වයං යෝජනාව ඔබේ අතිම්ම ලියා එම සටහන ඔබට නිතර පෙනෙන නිවසේ ප්රදර්ශනය කරන්න.
රුපියල් 5000හේ වර්ණ මුද්රණයක් හෝ රුපියල් 5000හේ මුදල් නෝට්ටු කිහිපයක් රැගෙන ඒ ගානටම කපා සකසාගත් කඩදාසි මිටි උඩිම්ම තියලා රුපියල් පන්දාහේ මිටි වාගේ කිහිපයක් හදලා නිතර නෙත ගැටෙන ඔබේ මේසය මත තියාගන්න.
බොරු සල්ලි මිටි අතරට ඇත්ත සල්ලි මිටි පහළ වෙන්න ඔබට වැඩ සිද්ද වෙන හැටි බලන්න.
ඒ සරළ මිනිස් සිතේ හාස්කම සිදුවන්නේ මෙහෙමයි.
සල්ලි මිටි නිතර ඇසට පෙනීමෙන් එකම චිත්ත රූපය මොළයේ තදින් ගැඹුරින් ඇඳීම නිසා එම රූපයට අදාලව මොළයෙන් නිකුත්වෙන චිත්ත තරංග විශ්ව ජෛව ජාලය සමග සම්බන්ධවී, ඔබේ චිත්ත රූපයට අදාල සත්ය මුදල් මිටි ඔබ වෙත උදාකරන මිනිස් සිතේ හාස්කම් ඔබේ මොළය තුලින් ඉබේ සිදුවන ආකර්ෂණීය මිනිස් මොළයේ හාස්කම් අත්දකින්න.
"චේතනාහං භික්ඛවේ - කම්මං වදාමි" හෙවත් චේතනාවයි ක්රියාත්මක වන්නේ හෙවත් හිතන දේ සිද්ධ වෙනවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ ප්රකාශකළ ඒ රුවන් වැකිය විද්යත්මකදැයි ඔබ මේ මුදල් මිටි දර්ශනයෙන් අත් හදා බලන්න. ( FAKE IT TO MAKE IT - අසත්ය සත්යයක් ලෙස රඟ පෑවෝත් එය සත්යයක්ම වේ - ඔබට එසේ වීමට අවශ්යනම් ඔබ එසේයැයි සිතා රඟපාන්න.)
අපේ ස්වයං යෝජනා ( පැතුම් ) ඉටුකරගැනීමට සතුටින් පිරි චිත්ත රූප මගින් ඉතාම බලවත් සේවයක් සිදුවෙනවා. ඒ නිසා මොළය අවුල් වූ විට මිශ්ර සිතිවිලි නිකුත්වීමට පටන් ගන්නකොට ශක්තිමත් පිරිසිදු ස්වයං යෝජනාවල චිත්ත රූප මැකී යනවා. කුකුල් කේන්තිය, දුකෙන් තැවීම, බියෙන් හෝ සැකයෙන් සිටීම මොළය අවුල් කිරීමකි.
සිතීම හා පැතීම කියන්නේ දෙකක්. සිතන්නා සිත සිතාම සිටී. පතන්නා සිතන දේ ක්රියාත්මක කරයි.
ඔබ ස්වයං යෝජනා කරනවිට ඔබ කතා කරනවා වගේම අදාල යොජනාවලට සුදුසු ක්රියාදාමය ඔබ අතින් ඉබේම ක්රියාත්මක වෙනවා. ඔබට අවශ්ය ශක්තිය හා දැනුම ලැබෙනවා. අවශ්ය අමුද්රව්ය හා සේවා පහසුකම්ද, යා යුතු මගද උදාවෙනවා. එමගින් කාරණය ඉෂ්ට වෙනවා. හරිම පුදුමයි. හරිම ලේසියි. ජීවිතය කියන්නේ පුදුම ආස්වාජනක අති සුන්දර දිව්යමය චාරිකාවක්. . .
මෙම විශේෂ ලිපිය 2021 නව වසරේ ඔබේ පැතුම් ඉටුකරගැනීම වෙනුවෙන්ම ඔබ වෙත පිලිගන්වන්නේ කුරුණෑගල මනස සංවර්ධන සේවා සංවිධානයේ සභාපති මගේ Law of Attraction ආකර්ෂණීය නීතිය කෝච් සාන්ත ජයසුන්දර මැතිතුමන්ට මගේ විශේෂ ස්තූතිය
ඒ වගේම මගේ මුල්ය උපදේශක මා සාර්ථකත්වය කරා රැගෙන යන මාව දිරිමත් කරන මගේ කෝච් සුරාජ් ගංගනාත මහත්මාටත් ස්තූතියි
මෙම වටිනා ලිපිය හැකි තාක් share කරන්න ස්තූතියි කියලා කමේන්ට් කරන්න ඒ ස්තූතිය ප්රශංසාව ඔබේ පැතුම් ඉටුකරන ඔබේ යටි සිතට සහ ආදරණීය විශ්වයටයි.
ස්තූතියි !!!

0 Comments