හරි අපි පොඩ්ඩක් මෙන්න මේ කරැණු ගැන පොඩි සැලකිල්ලක් දක්වනවා නම් මේ දැන් ඉදන් ඔයාට ඔයාගේ පවුල් ජීවිතේ ලොකු step එකක් උඩට ගත්තා කියලා දැනේවි අනිවාර්යයෙන්..
ගෙදරට සිරකත කැන්දන්න ,විවිධ අධික මිල ගණන් යොදාගෙන දේවල් කරනවා අපි දකිනවා ..නමුත් සිරිකත කැන්දන්න අඩු පොඩිම පොඩි දෙයක් විතරයි අවශ්‍ය ආදරණීය වචනයක්
ප්‍රශ්න එනවා ඒ මොනව වුනත් බොහොම සැහැල්ලුවෙන් ඒ දේ ගැන නිවුනු සිතකින් ප්‍රශ්න දිහා බලන්න පුරැදු වෙන්න.ආදරෙන් කතාකරන්න දෙදෙනා දවසට තප්පරයක් ..
"බුදුරජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කලේ.යහපත් සිතුවිල්ල නිසා "
නැත්නම් කලබල වුනේ නෑ..නේද..
හරි අපි පොඩ්ඩක් මෙන්න මේ කරැණු ගැන පොඩි සැලකිල්ලක් දක්වනවා නම් මේ දැන් ඉදන් ඔයාට ඔයාගේ පවුල් ජීවිතේ ලොකු step එකක් උඩට ගත්තා කියලා දැනේවි අනිවාර්යයෙන්..
ඔයාලා දැන් ඔය ආදරය කරලා හෝ යෝජනාවකින් විවාහ වුන අයකියලා අපි හිතමු කොහොම වුනත් දෙදෙනා අතර හොදම ගැලපීම ඒ මුනගැසුනු මොහොතේ ඇති වු නිසා නේ විවාහයක් වෙත ගියේ..නේද..බලෙන් බන්දපු ඒවා අපිට චිත්‍රපට වල නම් දකින්න පුලුවන් නේද..
හරි දැන් මෙන්න මේ ටික තමයි වැදගත්..බොහෝ පවුල් අවුල් වෙන්න හේතු හොද සිතුවිලි නොමැති කම.. ජීවිතේ ඉදිරිය සම්බන්ධ කරැණු නෑ ,සැලැස්මක් නෑ..
අංගුලිමාල වගේ කෙනෙක් යහපත් මගට ගත්තේ හොද යහපත් සිතුවිල්ල නිසා නැත්නම් පුලුවන්ද ...බෑ
ඔබ පවුල් ජීවිතේ ගැන යහපත්ව සිතන විට අබියෝග මෙල්ල වෙනවා..කරදර දෙදෙනාම එකතුවෙලා මුහුණ දෙනවනම් ඒකේ බර බෙදිලා ගිහාම ඕනෙම දේකට විසදුමක් ලැබෙනවා...අනිවාර්යයෙන්
ඔයාලා කඩේ යනවා ,ටවුමට යනවා රැ 10 ක් වියදම් කරලා නෝනට කොන්ඩ කට්ටක් ගේන්න,ඒකේ වටිනාකම නෙවේ එතන වෙන්නේ නෝනා හිතනවා මහත්තයා මම ගැන හිතනවා කියන එක අන්න ඒකේ වටිනාකම මිලක් අපිට දෙන්න බෑ...
දකින විදිහ වෙනස් කරන්න.පරණ දේවල් අමතක කරලා හොද විදිහට බලන්න මොකද ඒ ඔබගේ නව දැකීම අනාගතය වෙනස් කරනවා..
අද සමාජයේ ඉතාම සාර්ථක බොහෝමයක් පවුල් ගත්තාම වැරදි වෙලා හදාගෙන යන අය...නැතුව 100% හැමදේම සාර්ථකව සිදුවෙන ඇය නෙවේ..එයාලා සාර්ථකව ජීවිතේට මුහුණ දෙනවා..එකතුවෙල..
පිට අයගේ හොද දකින්න කලින් තමන්ගේ ලගම කෙනාගේ හොද දකින්න..මොකද තමන් වෙනුවෙන් පිට කෙනා කිසිම දවසක ඉදිරිපත් වෙන්නෑ...ඒක මතක තියාගන්න..
සමහර පිට රට සිටින ගැහැනු හා පිරිමි ලංකාවේ සිටින ආදරණියව අමතක කරනවා එහේ තමයි ලෝකේ කියලා හිතනවා නමුත් එහෙම අය අද ඔයාලට බලන්න පුලුවන් වැඩිහිටි නිවාස වල කල්ගෙනවා ,ඒ ඇයි අපිට ලග තියන වටිනාම දේ මග ඇරිලා..
අනිවාර්යයෙන් දෙදෙනාගෙන් කෙනෙක් උපක්‍රම ශීලි විය යතුයි ඒ හොර වැඩ වලට නොව් හරිද...ex-:මහත්තයා, බිරිද යම් පවුල් ජීවිතේ සාර්ථක දේකට යොමුකර ගන්න බැරැව දෙදෙනා අමනාපෙන් ඉන්නවනම් රණ්ඩුවෙලා එකග තාවෙකට එන්න පුලුවන් ද ...බෑනේ...කතාකරන්න දෙදෙනා ,ඔයා ගන්න තීරණය යහපත්නම් අනිවාර්යයෙන් ඒක තනියෙන් හරි කරන්න මොකද ඒක දෙදෙනාගේ යහපතට සිදුවෙන දෙයක් නම් ටික දවසකින් වැරැද්ද අනිවාර්යයෙන් තේරැම්ගන්නවා අනෙත් කෙනා..අපි රණ්ඩු වෙලා තිබ්බොත් වැරැද්ද තේරැම් ගත්තත් නැවත හොද පැත්තට හැරෙන් නෑ ,රණ්ඩු වෙන්න අවශ්‍ය නෑ..මොකටද රණ්ඩු වෙලා දෙන්නා...බුද්ධිමත් නම් රණ්ඩු වෙන්නෑ..
මට කතාකරන්න අත්‍යවශ්‍යයි කියලා හිතුන දෙයක් මේක
දරැවන් බලාපොරෙත්තුවෙන් ඉන්න අය,ඔයාලා අනවශ්‍ය ලෙස මුදල් වැයකරලා දේවාල පස්සේ දුවන්න එපා ,යම් අසනීපයක් තියනවා නම් ඒකට බේත් කරන්න...ඒ සමග බිරිදට වෙනදට වඩා ආදරය සෙනෙහස දෙන්න..කරැණාකරලා.
.නිකන් කොහේවත් ඉන්න පිලිමවලට ලෙන්ගතු වෙන්න එපා ,දවස ගානේ බිරිදගේ ඔලුව ටිකක් අතගාලා සනසන්න ,බිරිද බනී රණ්ඩු වෙයි නමුත් ඉවසන්නම වෙනවා ,මහත්තයාත් එක්ක වෙනදට වඩා ආදරෙන් ඉන්න අනිවාර්යයෙන් උත්සහ ගන්න..මම කිව්වා දෙන්නම උත්සහ කරන්න දරැවෙක් ගැන දෙන්නෙක් එකතුවෙලා කරනවනම් පිට දෙවියන් අවශ්‍ය නෑ උපකාරෙට..තේරැනාද..
Ex-: ඔයාගේ කකුල කොහේහරි වැදුනාම ඒක ඔයා අතගානවා නේද තැල්ම යන්න නමුත් ඒක ඔයාගේ නෝනා හෝ මහත්තයා අත ගෑවනම් ලොකු සහනයක් නේද..?
Ex-: හිසේ අමාරැවක් හැදුනාම ඔයා තනියෙන් සිද්ඩාලේප ටිකක් ගෑවට අඩුවෙන්නෑ නේද..නමුත් නෝනා හෝ මහත්තයා අතගෑවනම් අඩුවෙනවා ඉක්මනින්...
එකම බේත ඇයි දෙවිදිහකට වෙන්නේ...ඒ තමයි ඔයාගේ ඒ සෙනෙහස එකතුවෙනවා බේතට අන්න ඒ වගේ සෙනෙහසත් එකතුවුනාම දරැපල අනිවාර්යයෙන් ඉක්මනින්ම සිදුවෙනවා...
බිරිදට හෝ නෝනට දරැවෝ නෑ කියලා හිතලා දික්කසාද හෝ දාලා යනවනම් රණ්ඩුවෙනවනම් ඒ අය ඒ පෙර කළ අකුසලය මේ ආත්මේ ගෙවන් නැතුව තවත් ශක්තිමත් අකුසලයක් කරගෙන ඉදිරි ආත්ම වලට රැගෙන යනවා..
ඔබ දෙදෙනා එකතුවෙලා මේ පෙර අකුසලයට මුහුණ දෙනවනම් ඒක ඉතාම වේගයෙන් ගෙවෙනවා තේරැනාද....ඒ පින ඇති නැවත එවන් දෙයක් කිසිම ආත්මය නොවන්න...තේරැනාද..ඉතින් ඔයාලා තීරණය කරන්න ජීවිතේ ප්‍රශ්න විසදගන්නේ කොහොමද කියලා..
අපි අවසානේ කෙටියෙන් කිව්වොත්
- ජීවිතේ සැලසුම් කරන්න දෙදෙනා
- ආදරණීය වචන කතාකරන්න
- බලන විදිහ වෙනස්කරගන්න
- අභියෝගය වලට දෙදෙනාම එකතුවෙන්න
- එක් අයෙක් හෝ අඩුම උපක්‍රම ශීලි වෙන්න
ඔය කරැණු ටික පොඩි හරි වැදගත් කමක් තියේවි ඔයාලට...
දැන් සමහර අය බනීවි ඕවා නිකන් වචන විතරයි කියලා .නෑ හැමෝම සාර්ථක වෙන්න අවශ්‍ය නෑ මට එක family එකක් සාර්ථක වුනානම් ප්‍රමානවත් (මේ ලිපිය පුලුවන් තරම් යහලුවන්ට දෙන්න )
හැමදාම වගේ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ..
ජීවිතේ ජයගන්න..

0 Comments