සයුරු ලෝකය 𝗙𝗢𝗥𝗘𝗫 මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග

𝗙𝗢𝗥𝗘𝗫 මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග

 💱💵💲💴💹💷💲💶💱💷💴💵 FOREX දැනුම සදහා..

💲💴මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග💱💵💹

 මෙම ලිපියෙන් කියන්න උත්සහ කරන්නේ මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන්නා වු මුදල් වර්ග හා ඒවායේ භාවිතාව පිළිබදව පැහැදිලිව කතා කරන්න. මොකද Forex Market එක තුල ප්‍රධානතම ගණුදෙනු මුලාශ්‍රය වන්නේ විදේශිය මුදල්. ඒක නිසා Forex Trader කෙනෙකුට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා මෙින්න මෙි මුදල් වර්ග පිළිබදව තියෙන අවබෝධයත්.(මෙහි රැපියල් [LKR] නැත)

 කලින් කිවිවා වගේ Forex Market හි ප්‍රධාන වශයෙන් හුවමාරැ වන්නේ විශාල ආර්ථකයන් සහිත විදේශිය රටවල් වල භාවිතා වන මුදල් වර්ග. අපේ රටෙි භාවිතා වන රැපියල් මුල්‍ය වෙළද පොලේ නැති නිසා අපට ගණුදෙනු කරන්න සිද්ධ වෙන්නෙ විදේශිය මුදල් වර්ග එක්ක. ආධුනිකයෙක් වශයෙන් ඔබට මේ පිළිබදව යමි චකිතයක් ඇති වෙන්න පුලුවන්. හැබැයි හොද අධ්‍යනය හා භාවිතාව සමග මෙි සියලුම අලුත් මුදල් වර්ගයන් ඔබට ඉතා ඉක්මනින්ම මතකයේ තියාගන්න හැකියාවක් ලැබෙයි. ඒක නිසා තමයි මම හැමවෙලෙම කියන්නේ නිසි අධ්‍යනය හා පුහුණුව අතිශය වැදගත් බව. 

 මුලින්ම අපි බලන්න ඔනි කාරණය තමයි Forex Market එක තුල නිතර අපට හමුවෙන ලොකේ බලවත් ආර්ථිකයන් සහිත රටවල් සමිබන්ධයෙන්. කවිරැත් දනන්වා ඒ රටවල් වලට ආදාල මුදල් වර්ග තමයි එහේනමි මෙකේ තියෙන්නේ කියලා. මෙි වන විට Forex Market හි ප්‍රධාන වශයෙන් බලපැමි කරන මුදල් වර්ග ඇති රටවල් නමි ,

 *United State 

 *United Kingdom 

 *Europe 

 *Japan

 *Australia 

 *New Zealand

 *Canada

 *Switzerland 

 *China 

 මෙ සදහන් කරලා තියෙන විවිධ ප්‍රබල රටවල් වල භාවිතා වන්නා මුදල් වර්ග Forex Market හි භාවිතා කරන ආකාරය පහතින් දක්වලා තියෙනවා. 

 💲💷මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන විදේශිය මුදල් වර්ග💱💴 

 *USA - USD

 *UK -GBP

 *EUROPE - EUR 

 *JAPAN - JPY 

 *CANADA - CAD 

 *AUSTRALIA - AUD

 *ZEW ZEALAND - NZD 

 අමතක කරන්න එපා මම ඉහතින් දක්වලා තියෙන්නේ ප්‍රධාන මුදල් වර්ග කිහිපයක් පමණයි. මීට අමතරව Forex Market එක තුල මෙවැනි මුදල් වර්ග 44 ක් පමණ තියෙනවා. හැබැයි ඒ සියල්ලම අපිට වැඩක් නැ. මොකද අපි භාවිතා කරන්නේ ප්‍රබල රටවල් වල භාවිතා වන මුල්‍ය වෙළද පොලේ වැඩිම බලපැමක් ඇති කරන මුදල් වර්ග. 

 කලින් ලිපියේදි විදේශ මුදල් වර්ග හුවමාරැ කරන ආකාරය පිිළිබදව උදාහරණය මතක ඇතිනේ. එහිදි අපට හමුවුනේ රැපියල්(LKR) හා ඩොලර්(USD). එවගේම ඒ ගණුදෙනුවට අනුව මුදල් වර්ග දෙක LKR/USD විදියට හදුන්වා ගන්න පුලුවන්. මෙන්න මෙයා කාරයෙන්ම තමයි Forex Market තුලත් අපට අනෙක් මුදල් වර්ගත් හමුවන්නේ. සරලවම කියනවනං එකිනෙකට හුවමාරැ වෙන මුදල් වර්ග දෙක එකට කරපු කාණ්ඩයක් වශයෙන්. මෙිකට හේතුව මුදල් හුවමාරැ කිරීමක් එක මුදල් වර්ගයක් භාවිතයෙන් Forex Market එක තුලදි කරන්න බැ. උදාහරණයක් විදියට USD/USD හෝ  GBP/GBP වගේ. මෙවැනි මුදල් වර්ග ඇත්තෙත් නැ. 

 අනෙක් අතට මුදල් හුවමාරැවක් තුලින් ලාභ ලබන්නමි මුදල් වර්ග දෙකක් අනිවාරයෙන්ම අවශ්‍ය වෙනවා. මෙි සිදුවීම මත පිහිටලා එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක් එකට කරලා හදලා තියෙන කාණ්ඩයන්ට තමයි Forex Market එක තුලදි අපි Currency Pair කියලා කියන්නේ. මෙික අනිවාරයෙන්ම මතක තියාගන්න. මොකද ඉදිරියට යන්න යන්න මමත් ලිපි වලදි භාවිතා කරන්නේ ඉහත වගුවේන් දක්වලා තියෙනා මුදල් වර්ගවල සංකේත. එක පැත්තකින් ඒක භාවිතයට පහසුයි හා අනෙක් පැත්තෙත් එක තමයි ක්‍රමය. ඒක නිසා මෙන්න මෙි පිලිගත් ක්‍රමයට හුරැවෙන එක ඔබටත් ඉතා වැදගත්. 

 MAJOR CURRENCY 

 EUR/USD 

 GBP/USD 

 AUD/USD 

 USD/JPY 

 USD/CAD 

 USD/CHF 

 XAU/USD - Gold Market 


 MINOR CURRENCY 

 EUR/GBP 

 EUR/CHF 

 GBP/JPY 

 CAD/JPY 

 *සාමාන්‍යෙයන් Forex Market තුල ප්‍රබල මුදල් වර්ග Major Currency විදියටත් ඊට අමතරව හුවමාරැ වන මුදල් වර්ග Minor Currency විදියටත් තමයි අපි හදුන්වන්නේ. Major ලෙස හදුන්වන්නෙ ප්‍රධාන වශයෙන්ම USD භාවිතා වන්නාවු මුදල් කාණ්ඩවලට නැත්තං Currency Pairs වලට. Minor Currency විදියට හදුන්වන්නේ USD භාවිතා නොවන අනෙකුත් මුදල් වර්ග වලින් සමන්විත Currency Pairs වලට. එවගේම ඔබ Forex Market ගණුදෙනු කරන විට යම් ප්‍රධාන මුදල් කාණ්ඩයක් දුටු පමණින් එය කුමක්දැයි හදුනා හැකියාව දියුණු කරගැනීමත් අත්‍යාවශයි. සියල්ලම මතක තබා ගන්න ඔනි නැ. අඩුම තරමින්  Major Currency Pairs වත් මතක තබා ගැනීම වැදගත්.* 

 💱💶ගණුදෙනු සදහා භාවිතා කළ යුතු මුදල් වර්ග💲💷 

 *හොදින්ම මතක තියා ගන්න අවශ්‍ය කාරණය තමයි අපි Forex Market එක තුල ගණුදෙනු කරන්න ආරමිභ කරාට පස්සේ හමුවන සියලුම මුදල් වර්ග සමග ගණුදෙනු කරන්න යන්නැ. අඩුම තරමෙි පුහුණු ගිණුමි වලදි අතහදා බලන්නවත් එහේම කරන්න අවශ්‍යතාවයක් නැ. අපි එහේම නොකරන්නේ එහේම කරන්න බැරි නිසා නෙවෙයි. සාමාන්‍යෙයන් Major Currency Pairs වලට මිල වෙනස් විම (ඉහළ හෝ පහල යැම) පිළිබදව විශාල දත්ත ප්‍රමාණයක් ලැබුනත් අනෙකුත් මුදල් වර්ග වලට එහේම දත්ත ලැබෙන්නැ.


ඒක නිසා අනෙකුත් මුදල් වර්ගයන් ගණුදෙනු සදහා යොදා ගැනිම අපි කරන්න යන්නෙත් නැ. මොකද ගණුදෙනු කිරීමෙදි අපිට වැදගත් වෙන්නේ මුදල් වර්ගයකට ආදාලව ලැබෙන තොරතුරැ. නිසි ගණුදෙනුවක් යොදවන්න අපිට වැදගත් වෙන්නෙත් මෙන්න මෙි තොරතුරැයි. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ පැහැදිලි තොරතුරැ නැත්තං ගණුදෙනු යෙදීම අවදානමි. 


 විශේෂයෙන්ම ආධුනිකයෙකු වශයෙන් ඔබ ගණුදෙනු සදහා යොදා ගත යුත්තේ ප්‍රධාන මුදල් වර්ගයන් හෝ ගොල්ඩි පමණයි. USD , EURO , GBP, වැනි මුදල් වර්ගයන්. ඒ කියන්නේ EUR/USD , GBP/USD වගේ. දැන් මෙි Currency Pairs වල EUR/USD Forex Market එකට ආදාලව ගත්තොත් මෙකේ EUR කියන්නේ Base Currency එක. USD කියන්නේ Quote Currency එක.


 තවදුරටත් Forex ගැන නොමිලේ ඉගෙන ගන්න කැමතිනම් අපේ TELEGRAM සමුහය සමග එකතු වෙන්න 👇👇


නව FOREX ගිණුමක් සැදීම සදහා පහත REGISTER NOW CLICK කරන්න



Post a Comment

0 Comments